කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව
ජෛව
තාක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම
- ක්ෂූද්‍ර ජීවීන් යොදාගෙන ඔවුන්ගේ පරිවෘතීය ක්‍රියාවලි භාවිතයෙන් ආර්ථික වශයෙන් වැදගත්වන්නා වූ නිෂ්පාදන මහා පරිමානිකව නිපදවීම කාර්මික කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව නම් වේ.මේ සඳහා භාවත කරන තාක්ෂණය ජෛව ඉංජිනේරු තාක්ෂණය ( Biotechnology )ලෙස හැදින්වේ.
- මිනිසා ක්ෂුද්‍ර ජීවීන් හදුනා ගැනීමට පෙර සිටම ඔවුන්ගේ ස්භාවික ක්‍රියාවලීන් කාර්මික නිෂ්පාදන කටයුතු සඳහා භාවිතකර තිබුණි.
- ක්‍රි.පූ. 6000 තරම් ඈත අතීතයේදී බැබිලෝනියානුවන් මධ්‍යසාර නිපදවීම සඳහා ඊස්ට් භාවිත කළ බවට සාක්ෂි හමුවී ඇත.
කාර්මික
ක්ෂුද්‍ර ජීව ක්‍රියාවලිය පහත පරිදි දැක්විය හැක
ක්ෂුද්‍ර ජීවීන් + උපස්ථරය à නිෂ්පාදන ඵළ + අවශේෂ ද්‍රව්‍යය
කර්මාන්ත
සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි
·
ක්ෂුද්‍ර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා
වේගවත් නිසා නිෂ්පාදන ක්‍රියාවලි වේගවත් වීම
·
විශේෂ කාර්මික තත්ව අවශ්‍යය නොවීම ( විශේෂ
උෂ්ණත්ව / පීඩන )
·
පරිසර හිතකාමී වීම
·
උපස්තර ගනනාවක්මත ක්‍රියා කළ හැක
·
ලාබදායි උපස්ථර මත ක්රයාකර ප්‍රයෝජනවත් නිෂ්පාදන ලබාගත හැක.
කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන්
භාවිතයේ අවාසි
·
කාර්මික නිෂ්පාදයකට වඩා සංශුද්ධ බව අඩුවේ.(ඵලයේ
ප්‍රතිශතය අඩුය )
කාර්මික
නිෂ්පාදන සඳහා යොදාගන්නා ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ
·
බැක්ටීරියා
·
දිලීර
·
ඇල්ගේ
·
වෛරස්
මධ්‍යසාර
නිෂ්පාදනය
Saccharomyces
cerevisiae (යීස්ට් ) සීනිමය උපස්තරයක් මත ක්‍රියා කිරීමෙන් මධ්‍යසාර
( එතනෝල් ) නිපදවේ.
රා
නිපදවීම
Ø
මෙහිදී සීනිමය උපස්ථරය ලෙස පොල් / තල් /
කිතුල් ශාක වල ලපටි පූෂ්ප මන්ජරිය කැපීමෙන් වැස්සෙන ප්ලෝයමීය යුෂය භාවිත කරයි.මෙය
තෙලිජ්ජ / මීරා ලෙසද හැදින්වේ.
Ø
මෙහි සුක්ක්‍රෝස් ඇත
Ø
වායුගෝලය ඔස්සේ පැමිනෙන යීස්ට් සෛල
මගින් සීනිමය උපස්ථරය මධ්‍යසාර ( එතනෝල් ) බවට පත්කෙරේ.මෙම ක්‍රියාවලිය පැසීම
නම්වේ.
යීස්ට්
සුක්ක්‍රෝස් ---------------à ග්ලුකෝස්
යීස්ට්
ග්ලුකෝස් ----------------à මධ්‍යසාර (
එතනෝල් / C2H5OH ) + CO2
නිර්වායු ස්වසනය
වයින්
නිෂ්පාදනය
Ø මෙහිදී
සීනිමය උපස්ථරය ලෙස පළතුරු යුෂ (මිදි යුෂ ) භාවිත කරයි.
Ø යීස්ට්
සෛල මගින් සීනිමය උපස්ථරය මධ්‍යසාර ( එතනෝල් ) බවට පත්කෙරේ.
Ø සෑදෙන
වයින් පැස්චරීකරනය මඟින් කල්තබාගනී.
බීයර්
නිෂ්පාදනය
Ø
බියර් නිෂ්පාදනයේදී උපස්ථරය වශයෙන් යොදා ගන්නේ බාර්ලි බීජ වෙයි. ඒවායේ සංචිත ආහාරය
වන්නේ, පිෂ්ඨයයි. පළමුව බාර්ලි බීජ දින 2-3 ක් පමණ
කාලයක් ජලයේ පොඟවා ප්‍රරෝහණ ක්‍රියාවලියට අවස්ථාව සලසනු ලැබෙයි. එමගින් නිපදවෙන ඇමයිලේස් එන්සයිමය මගින් එහි වූ පිෂ්ඨය, මෝල්ටෝස්
සීනි බවට පත්වෙයි.
Ø
මෙසේ අර්ධ වශයෙන් ප්රරෝහණයට ලක්වූ බාර්ලි බීජ සෙල්සියස්
අංශක 80 ක පමණ උෂ්ණත්වයකදී වියලා ගන්නා (වියලා ගැනීමේ මෙම ක්‍රියාවලිය
Malting නමින් හඳුන්වයි.) අතර, එසේ වියලූ බාර්ලි බීජ ඉන්පසු 'මෝල්ට්'
(Malt) ලෙස
හඳුන්වයි. මෙම මෝල්ට් ඉන්පසුව උණු ජලය සමග මිශ්‍රකර හොඳින් අඹරා (mashing)
ගනු
ලබයි. මෙසේ අඹරාගන්නා ද්‍රාවණය ඉන්පසු 'වර්ට්'
(wort) නමින්
හඳුන්වයි.
Ø
මෙම වර්ට් ද්‍රාවණයට ඉන්පසුව Humulas lupulus ශාකයේ පුෂ්ප මංජරියේ මල් පොහොට්ටු (බීර මල්) එකතු කරනු ලැබේ.
එම මල් පොහොට්ටු වාණිජව 'Hops' යන නමින් හඳුන්වයි. Hops එකතු කිරීමෙන් බියර් වලට ආවේණික
තිත්ත රසයක් ලබා දෙන අතරම, අහිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනයද වළකයි.
Ø
Hops එකතු කරන ලද 'වර්ට්' මිශ්‍රණය
නටවා, සිසිල් කොට ඊට යීස්ට් එකතු කර නිර්වායු තත්ව යටතේ පැසීමට ඉඩ
හරිනු ලැබේ. එමගින් දින 2-5 ත් අතර කාලයකදී, ද්‍රාවණයේ මධ්‍යසාර ප්‍රතිශතය 8% පමණ
දක්වා වැඩිකර ගනියි. මෙසේ පැසවා ගන්නා ලද ද්‍රාවණය පැස්ටරීකරණය කොට බෝතල් වලට අසුරණු ලැබේ.
(පැස්ටරීකරණය මගින් යීස්ට් සෛල විනාශ වී යාම නිසා තවදුරටත් පැසීම සිදු නොවේ.)
විනාකිරි නිෂ්පාදනය
Ø
විනාකිරි යනු තනුක ඇසිටික් අම්ලයයි (මෙය CH3COOH යන ආකාරයටද ලියනු ලබේ).
Ø
විනාකිරි නිෂ්පාදනය පියවර 02කින්
යුක්තය.
01.
යීස්ට් මගින් මීරා එතනෝල් බවට පත්වීම.
යීස්ට්
සුක්ක්‍රෝස් ---------------à ග්ලුකෝස්
යීස්ට්
ග්ලුකෝස් ----------------à මධ්‍යසාර (
එතනෝල් / C2H5OH ) + CO2
නිර්වායු ස්වසනය
02. එතනෝල් ඇසිටික් අම්ලය බවට පත්වීම.මෙය ස්වයු
ක්‍රියාවලියකි.
Gluconobacter
එතනෝල් + O2 ---------------à ඇසිටික් අම්ලය
Acetobactor
චීස් / බටර්
/යෝගට් නිපදවීම
Ø පළමුව
කිරි පැස්ටරීකරනය කෙරේ
Ø පැස්චරීකරනය
කරනු ලැබූ කිරිවලට බැකිටීරියා මාදිලි 02ක් එක් කෙරේ.
o
Lactobacillus balgaricus
o
Streptococcus lactis
Ø මෙම
බැක්ටීරියා මගින් කිරිවල අඩංගු ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත්කරයි.
Ø මේනිසා
කිරිවල ආම්ලිකතාවය වෙනස්වේ.එමනිසා කිරිවල ප්‍රෝටීන වල ස්වභාවය වෙනස්වී කිරි කැටි
ගැසේ.මෙය යෝගට් ලෙස හැදින්වේ.
Ø ෙයෝගටිවල
ආවේනික රස ගෙනදෙන්නේ Lactobacillus balgaricus මගිනි
Ø චීස් නිෂ්පාදනයේදී
කැටි ගැසුන කිරිවල ද්‍රව කොටස් සම්පීඩනය මගින් ඉවත්කරනු ලබයි.
තනි
සෛල ප්‍රෝටීන නිෂ්පාදනය
Ø කර්මාන්ත
ශාලා වලින් පිටවෙන අපද්‍රව්‍යය උපස්තර ලෙස
යොදවා ගනිමින් ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් වගාකර තනි සෛල ප්‍රෝටීන නිෂ්පාදනය කෙරේ.
Ø උදා:-
01. සීනි
කර්මානත ශාලා වලින් පිටවෙන අපද්‍රව්‍යය වල යීස්ට් වගා කිරීමේන් මාමයිට් නිෂ්පාදනය
02. ලී
කුඩුවල ඇගරිකස් දිලීරය වගාකර ඔවුන්ගේ බැසිඩි ඵල ආහාරයට ගැනීම
ඇමයිනෝ
අම්ල නිෂ්පාදනයට
Ø ඇතැම්
අත්‍යාවශ්‍යය ඇමිනෝ අම්ල නිෂ්පාදනයට ක්ෂුද්‍ර ජීවීන් භාවිත කරයි.
Ø fuys
§ fm%daàkj, uQ,sl ix>glh jk weuhsfkda wï, ksmojd .ekSu i|yd Tjqka
wldnksl khsg%cka ,jK iys; udOHj, frdamKh lr" Tjqkaf.a mßjD;a;Sh l%shdj,s
u.ska wjYH weuhsfkda wï, ksmojd .kS.
ග්ලූටැමික්
අම්ලය (wdydr rildrl )
- Corynebacterium glutamicus
ග්ලයිසීන් (wdydr m%;smQrl )-
Corynebacterium glutamicus විකෘති
මාදිලිය
Acetobacter aerogens.
බේකරි
නිෂ්පාදනයන්ට
Ø පිටි
/සීනි මිශ්‍රණය යීස්ට් සමඟ මිශ්‍රකර උණුසුම් ස්ථානයක තබනු ලැබේ.
Ø එවිට
සීනි උපස්ථරය කරගෙන වැඩෙන යීස්ට් නිර්වායු ස්වසනයෙන් CO2 නිපදවයි.
Ø මෙම
CO2 බුබුලු පිටිතුල රැදීම නිසා පිපිම
සිදුවේ.පෝරනුවේ පිළිස්සීමේදී CO2 මධ්‍යසාර වාෂ්පීකරනය වේ .ඒවා රැදී තුබූ ස්ථානවල සවිවර බවක් ඇතිවේ.
ඉන්ධන
නිෂ්පාදනයට
උදා:-
ජීව වායුව නිෂ්පාදනයට
Ø ගොම
වැනි සත්ව මළ ද්‍රව්‍ය හා විවිධ ශාක හා සත්ත්ව කොටස් සහිත කාබනික උපස්ථරයක් මත
නිර්වායු බැකිටීරියා ක්‍රියාත්මක වීමෙන් සිදුවන වියෝජනය නිසා මීතේන් වායුව නිපදවේ.
Ø • fuu
l%shdj,sfha § Methanobacterium, Methanococcus,
Methanosarcina
Methanospirillum
úfYaI Ndú; වේ.
කෙදි
වර්ග නිෂ්පාදනයට
Ø කොහු
,ශාක පත්‍ර කෙදි වර්ග ලබා ගැනීමට පල් කිරීම යනුවෙන් හැදින්වෙන ක්‍රියාවලිය ක්ෂුද්‍ර
ජීවීන්ගේ ක්‍රියාව මත පදනම් වී ඇත.
Ø මෙහිදී
ක්ෂුද්‍ර ජීවීන් සෛල අතර පෙක්ටීන් වලින් සැදී ඇති මධ්‍ය සූස්තරය දියකරනු ලබයි.මේ
නිසා කෙදි වෙන්කර ගැනීම පහසු වේ.
Ø මේ
සඳහා පෙට්ටේ ජීරක බැක්ටීරියාවල ක්‍රියා කාරිත්වය වැදගත්වේ.මෙවුන් පෙක්ටිනේස්
එන්සයිමය නිපදවයි.
උදා
:- පෙල් කෙදි නිෂ්පාදනය
ලෝහ නිස්සාරණය
තඹ ලෝහය නිස්සාරනය කිරීමට CuFeS2
(කැල්කොපයිරයිට් ) නම් ලාබදායී ලෝපස් වැදගත්වේ.
මෙම බාල වර්ගයේ ලෝපස් වලින් තඹ නිස්සාරනයට රසායනික
ස්වං පෝශි බැක්ටීරියා යොදාගනී.
උදා:- Thiobacillus fcrroxidonce
, Thiobacillus thiooxidence
වෛද්‍ය විද්‍යාවේදී
ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
එන්නත්
නිපදවීමට
නොයෙකුත්
රෝගවලට එරෙහිව ප්රථිශක්තීකරනයේදී භාවිතවන එන්නත් වර්ග නිපදවිමට ක්ෂුද්‍ර ජීවීන්
භාවිත කරයි.
·
හෙපටයිටීස් B එන්නත නිපදවීමට
·
පෝලියෝ එන්නත නිපදවීමට
·
පිටගැස්ම රෝගයට එරහිව
ප්රථිටෙටනිස් එන්නත නිපදවීමට
ප්රථිජීවක
නිපදවීමට
ක්ෂුද්‍ර
ජීවීන් විසින් නිපදවන වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට විෂ සහිත ද්‍රව්‍ය ප්රථිජීවක ලෙස
හැදින්වේ.
·
පෙනිසීලියම් Penicillium
notatum
Penicillium
chrysogenum
·
ස්ටෙප්ටොමයිසීන් Streptomyces griseus
මුලින්ම
සොයාගත් ප්රථිජීවකය පෙනිසිලීන්ය. එය ඇලෙක් සැන්ඩර් ෆෙලෙමින් විසින් සොයාගන්නා ලදී
විටමින්
වර්ග නිෂ්පාදනයට
විටමින්
B නිෂ්පාදනයට Streptomyces
බැක්ටීරියා විශේෂයක් භාවිත කරයි.
පානීය ජලය සහ දූෂිත ජලය හා අදාළ ක්ෂුද්‍ර
ජීව විද්‍යාව
පානීය
ජලය පිරිපහදුව
Ø නාගරික
ජනාවාස වලට හා විවිධ ප්‍රදේශ වලට ජලය සැපයෙන්නනේ ගංඟා / වැව් ආදී ජල මූලාශ්‍ර
වලිනි.
Ø මෙවනි
ජල මූලාශ්‍ර විවිධ ක්‍රමවලින් දූෂණයවී පැවතිය හැක. මෙම ජලයේ විවිධ ව්‍යාධිජනකයින්
සිටිය හැක.එමගින් විවිධ රෝග පැතිරිය හැක.
Ø එමනිසා
පානීය ජලය ලබාදීමට ප්‍රථම එම ජලය පිරිපහදු කළ යුතුවේ.මෙය මූලික පියවර 03කි.
o
අවසාදනය
o
පෙරීම
o
විෂබීජ නාශනය
Ø අවසාදනය
ජල ප්රබවයෙන්
ලබාගත් ජලය විශාල ටැංකිවල ගබඩාකර ඒවායේ ඇති විශාල ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඇලම්
(ඇළුමිනියම් පල්පේට් ) එක්කරයි.එවිට අවසාදනය වන අපද්‍රව්‍ය ඉවත්කෙරේ.
Ø පෙරීම
අවසාලනයෙන් පසු
ජලය වැලි පෙරහනක් තුළින් පෙරීමට ලක් කෙරේ.එමගින් ජලයේ වන ක්ෂුද්‍ර ජීවීන් 99% ක් ඉවත්
වේ.
Ø විෂ
බීජ නාශනය
ක්ලෝරීන් වායුව
මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි.
දූසිත
ජලය පිරිපහදුව
නිවාස
, කාර්මික පරිසරවලින් බැහැර කෙරෙන දූෂිත ජලය සෘජුවම ජල ප්‍රභව වලට මුදාහැරීමෙන්
විවිධ අහිතර ප්‍රථිඵල ඇතිවිය හැක.
උදා
:-
Ø ජලාශ සූපෝෂණය වීම නිසා මස්යයින් මිය යාම
Ø දුර්ගන්ධයක්
ඇතිවීම
Ø විෂ
රසායන ද්‍රව්‍ය ශරීරගතවීම නිසා ලෙඩරෝග ඇතිවීම (බැර ලෝහ ශරීරගත වීම )
දූෂත ජලය
පිරිපහදු කිරීම මූලික පියවර 02 කි.
·
ප්‍රාථමික පිරියම්
කිරීම
·
ද්ව්තීක පිරියම් කිරීම
ප්‍රාථමික
පිරියම් කිරීම
Ø පාවෙන අපද්‍රව්‍ය
ඉවත් කෙරේ. ( තෙල් , ග්‍රීස් වැනි
)
Ø අනතුරුව
විශාල අවසාදන ටැංකියකට රැස්කර සෙමෙන් කළතා ඝන අපදව්යය තැම්පති කරයි. තැම්පත්වන ඝන
අපද්‍රව්‍ය බොර ලෙස හැදින්වේ.
Ø මෙහිදී
කාබනික අපද්‍රව්‍ය වලින් 25% ත් 35% දක්වා ප්‍රමානයක් ඉවත්වේ.
ද්ව්තීක
පිරියම් කිරීම
Ø මෙම
පියවරේදී ජලයේ ඇති කාබනික අපද්‍රව්‍යය 75% ත් 95% අතර ප්‍රමානයක් ක්ෂුද්‍ර ජීවීන් මගින්
ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.
Ø ද්ව්තීක
පිරියම් කිරීම ක්‍රම 02කට සිදුකළ හැක.
01. සක්‍රීය
නල පෙරහන් ක්‍රමය
Ø මෙහිදී
දූෂිත ජලය ටැංකිවල රදවා ඒ තුළින් සම්පීඩිත වාතය වතනය කිරීමෙන් ස්වායු බැක්ටීරියා
භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.
02. සාන්ද්‍ර
පෙරහන් ක්‍රමය
Ø මෙහිදී
පාශාණ තට්ටුවක් මතට ජලය විසුරුවා හැරේ.එවිට එහි සිටින ස්වායු බැක්ටීරියා
භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.
Ø අනතුරුව
ගලජයන ජලය ක්ලෝරීන් වායුව මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි.
Ø පිරිපහදුකළ
ජලය ජල මූලාශ්‍රවලට මදා හැරීම.
කෘෂිකාර්මික
කටයුතු සඳහා ක්ෂ්‍රද්‍ර ජීවීන් භාවිතය
ක්ෂුද්‍ර
ජීවීන් ජෛව කෘමිනාශකලෙස භාවික කරයි.
Ø රසායනික
පළිබෝධක භාවිතයේදී පරිසර දූෂණයක් සිදුවේ.
Ø නමුත්
පළිබෝධ පාළනයට ජෛව කෘමිනාශක ලෙස ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේදී ,
පරිසර දූෂණයක් සිදු නොවීම
ඉලක්ක පළිබෝධකයා පමනක් විනාශවීම
ප්‍රථිරෝධී පළිබෝදකයින් බිහිනොවීම
වාසි ලෙස සැලකිය හැක.
Ø මෙ
සඳහා බහුලව Bacillus thuringiensis
බාවිත කරයි.මොවුන් කෘමීන්ගේ කීටයින් විනාෂ කරයි.
උද:- BTI (Bacillus thuringiensis
israelensis ) මඟින් ඩෙන්ගු මදුරුවා මර්ධනය
පාංශු ගුණාත්මක භාවය ඉහල නැවීමට ක්ෂුද්‍ර
ජීවීන් භාවිතය
ශාක
වර්ධනයට අවශ්‍ය නයිට්‍රිජන් පෝෂකය තිරකිරීමට ක්ෂුද්‍ර
ජීවීන් වැදගත්වේ.
උදා:-
·
රනිල ශාක මූල ගැටිතිවල
වාසය කරන Rhizobium බැක්ටීරියාව,Anabaena,Clostridium nostoc වැනි බැක්ටීරියා නයිට්‍රිජන්
තිරකිරීමට වැදගත්වේ. ( N2 වායුව පසේ ඇති NH4+ අයන බවට පත්කිරීම)
·
Nitrosomonas,
Nitrococcus, Nitrobacter වැනි බැක්ටීරියා නයිට්ට්රීකරනයට වැදගත්වේ. (
NH4+
වායුව පසේ ඇති NO3- අයන බවට පත්කිරීම)
ප්‍රථි සංයෝජිත DNA තාක්ෂණය
ප්‍රථි
සංයෝජිත DNA තාක්ෂණය
01. අවශ්‍යය
ජානය ( ජීවියෙකුගේ කිසියම් ලක්ෂණයක් පාලනය කෙරෙන DNA අනුවක කොටසක් ) සහිත DNA අණුව තෝරා ගැනීම.
02. E.coli බැක්ටීරියාවේ ප්රතිගුණනයවන ප්ලාස්මිඩයක් (බැක්ටීරියාවල ලක්ෂණ පාලනය
කෙරෙන කුඩා වෘතාකාර DNA අනුවක් )
තෝරාගැනීම
03. එම
ප්ලාස්මිඩය සීමාකාර එන්සයිමයකින් කපා රේඛීය DNA අනුවක් ලබා ගෙන ලයිගේස් එන්සයිමය භාවිතයෙන් එයට තෝරා ගත් ජානය මිශ්‍රකර එක්කළ ජානය අඩංගු වෘතාකාර ප්ලාස්මිඩය සෑදීම.මෙම ප්ලාස්මිඩය
ප්‍රථි සංයෝජිත DNA අනුව නම් වේ.මෙලෙස DNA අනුවක් තුලට ජාන
එක්කිරීම පරිනාමනය ලෙස හැදින්වේ.
04. වෛරසයක් භාවිතයෙන් ස්භාවිකව හෝ කෘතීමව ප්‍රති
සංයෝජිත DNA අනුව බැක්ටීරියාව තුලට ඇතුල් කිරීම.මෙය පරාසාදනය ලෙස හැදින්වේ.
05. පරාසාදනය
සිදුකළ බැක්ටීරියාව රෝපනය කිරීමෙන් ඉහත ලක්ෂණය ඇතුලත් බැකිටීරියා පිටපත් ලබාගත
හැක.මෙය ජාන ක්ලෝනකරනයයි.

Thank you for this note & this note is very important me.so i teke some screenshotes of this notes.
ReplyDeleteCan I copy this
ReplyDelete